කුරුසිය පාමුල සිටියෙමි ජේසුනි
0
කුරුසිය පාමුල සිටියෙමි ජේසුනි
ගොල්ගොතාවේ කඳු මුදුනේ
ඔබගේ ඇලයට ඇන්නෙමි ජේසුනි
අඳ වූ මා නෙත් එළිය වුනේ
ජේසුනී ජේසුනී
පමණක් නොව මගෙ අඳුරු වු දෑසම
එළිය කළා ඔබ මා මුළු දිවියම
කුරුසියෙ එල්ලී සැම කල්හි
පිපාසයෙන් බව දුටුවෙමි ජේසුනි
මුවඟට ළං කළේ නීරස කාඩිනෙ
මගේ ආත්මයේ පිපස නිවන්නට
ඔබෙ ලේ සැමදා වැගිරෙන්නේ
යහපතේ යෙදෙන්න සිතුවෙමි ජේසුනි
පාපය මා දිවි වටලන්නේ
ඔබ කුරුසියෙ බව දුටුවෙමි ජේසුනි
පව් සිත මාගේ වළකන්නේ