අප දිවි දෙරණට ආසිරි වැසි ඉස
0
අප දිවි දෙරණට ආසිරි වැසි ඉස
මල් ඵල ඇති කරනා
සමිඳුනි ඔබටයි අප හද කුසුමන්
බැතියෙන් සුවඳ වෙනා
ජීවිත ආකරයේ හැකියා මිණි මුතු වේ…//
මතුකොට ඔපලා ඔබ මඟ ගෙන එමු
ලොව දියුණුව සපුරා
ලෝ උයනේ මනරම් රස ඇත නෙක විලසින්…//
විහඟු කැලක් මෙන් ඔබ පසුපස එමු
විමුක්ති පහස ලබා
ලෙඩ දුක් කටු ඇණුනත් පැරදුමෙ ගලෙ හැපුනත්…//
කඳුලැලි අතරින් ඔබ හා හිනැහෙමු
ජීවිත සතුට ලබා
Advertisements